බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි තවත් පුද්ගලයින් 14 දෙනෙකු නිරෝධායන කටයුතු අවසන් කර ඉන් පිටව යයි

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 14 දෙනෙකු අද (2020 මැයි 25) වන දින එම මධ්‍යස්ථානයෙන් පිටත්ව යන ලදි.

සාර්ථකව නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ ජාත්‍යන්තර නෞකා ආරක්‍ෂණ රාජකාරීන්හි නියුතු පුද්ගලයින් 14 දෙනෙකු මෙලෙස බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටත්ව යන ලද අතර, මෙම පුද්ගලයින් සියළු දෙනාම රජයේ සෞඛ්‍ය උපදෙස් වලට අනුව නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පිටත් කර යැවීමටත් ඔවුන් වෙත නිරෝධායනය සාර්ථකව අවසන් කල බවට ලබා ‍‍දෙනු ලබන සහතිකපත් ලබා දීමටත් කටයුතු කරන ලදි.

ඒ අනුව, මේ වන විට පුද්ගලයින් 193ක් නිරෝධායනය අවසන් කර මෙම මධ්‍යස්ථානයෙන් පිටත්ව ගොස් ඇති අතර, තවදුරටත් බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයෙහි ශ්‍රී ලාංකික පුද්ගලයින් 85 ක පිරිසක් නිරෝධායනය වෙමින් සිටී.