කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 33ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 283ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 33දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 මැයි මස 22 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

මෙම නාවික පුද්ගලයින් සියළු දෙනාම කොවිඩ් - 19 වෛරසය ආසාධනය වීම හේතුවෙන් ප්‍රථිකාර සඳහා රෝහල් වෙත යොමු කර ඇති අතර, ඔවුන්ගෙන් 22ක් නාවික මහ රෝහලින්ද, සිව් දෙනෙකු (04) අයිඩීඑච් රෝහලෙහිද, 06 දෙනෙකු මුල්ලේරියාව රෝහලින්ද, එක් (01) නාවික පුද්ගලයෙකු වැලිකන්ද රෝහලින්ද ප්‍රතිකාර ලබා ගන්නා ලදි. ඒ අනුව එම රෝහල් තුල ප්‍රතිකාර ලබමින් සිටියදී වරින් වර සිදු කල පීසීආර් පරීක්‍ෂණයන්හි ප්‍රථිඵල අනුව අදාල වෛරසය තවදුරටත් එම නාවිකයින්ගේ සිරුරු තුල නොමැති බව තහවුරු වීම නිසා මෙලෙස 2020 මැයි මස 22 එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.‍

මෙම නාවික හමුදා පුද්ගලයින් 33 දෙනාද ඇතුළුව මේ වන විට වෛරසය ආසාධනය වී රෝහල් ගත කල සමස්ථ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාවෙන් නාවික හමුදා පුද්ගලයින් 283ක් සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් ඇති අතර, රෝහල් වෙතින් පිටත්ව ගියද මෙම සියළුම නාවික පුද්ගලයින් සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කරන ලදි.