බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි තවත් 07 දෙනෙකු නිරෝධායන කටයුතු අවසන් කර ඉන් පිටව යයි.

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 07 දෙනෙකු 2020 අප්‍රේල් 29 වන දින එම මධ්‍යස්ථානයෙන් පිටත්ව යන ලදි.

සාර්ථකව නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ ශ්‍රී ලාංකිකයින් 07 දෙනෙකු මෙලෙස 2020 අප්‍රේල් 29 වන දින බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටත්ව යන ලද අතර, මෙම පුද්ගලයින් සියළු දෙනාම නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පිටත් කර යැවීමට ප්‍රථම පීසීආර් පරීක්‍ෂණයකට භාජනය කිරීමට කටයුතු කරන ලදි. ඔවුන් වෙත නිරෝධායනය සාර්ථකව අවසන් කල බවට ලබා ‍‍දෙනු ලබන සහතික ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ අණදෙන නිලධාරී විසින් ලබා දීම සිදු කරන ලදි.

තවද, මේ වන විට පුද්ගලයින් 96 දෙනෙකු කණ්ඩායම් 14ක් වශයෙන් නිරෝධායනය අවසන් කර මෙම මධ්‍යස්ථානයෙන් පිටත්ව ගොස් ඇති අතර, තවදුරටත් මෙහි ශ්‍රී ලාංකික පුද්ගලයින් 54 ක පිරිසක් නිරෝධායනය වෙමින් සිටී.