සවුක්කාඩි වෙරළ තීරයේ තිබී RPG උණ්ඩයක් (01) නාවික හමුදාව විසින් සොයා ගැනේ

නාවික හමුදාව 2020 අප්‍රේල් 21 වන දින යාපනය, මනිපායි, සවුක්කාඩි වෙරළ තීරයේ තිබී RPG උණ්ඩයක් (01) සොයා ගැනීමට සමත් විය.

උතුරු නාවික විධානයේ නාවික පුද්ගලයින් පිරිසක් විසින් 2020 අප්‍රේල් 21 වන දින යාපනය, මනිපායි, සවුක්කාඩි වෙරළ තීරයේ සිදු කල මුර සංචාරයකදී වෙරළේ තිබූ මළබැඳී ගිය RPG උණ්ඩයක් (01) සොයා ගැනීමට සමත් විය. මෙම RPG උණ්ඩය මානුෂිය මෙහෙයුම් පැවැති සමයේ ප්‍රදේශයේ අතහැර දමා ගොස් ඇති බවට සැක පළ කරන අතර එම සොයා ගන්නා ලද RPG උණ්ඩය නාවික හමුදා බෝම්බ නිශ්ක්‍රීය අංශය මගින් සාර්ථකව නිශ්ක්‍රීය කිරීමට කටයුතු කරන ලදි.