නීති විරෝධී දැල් භාවිත කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් 05 දෙනෙකු නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 අප්‍රේල් 21 වන දින මුන්දලම කළපුවේ උඩප්පුව ප්‍රදේශයේ සිදු කරන ලද සොදිසි මෙහෙයුමක් අතරතුර නීති විරෝධි දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් 05 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

තහනම් ධීවර ක්‍රම භාවිතා කරමින් සිදුකරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තරව කටයුතු කරනු ලබන අතර, ඒ අනුව වයඹ නාවික විධානයේ නාවිකයින් පිරිසක් විසින් මුන්දලම කළපුවේ උඩප්පුව ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුමක් අතරතුර සැක සහිත යාත්‍රාවක් පරීක්‍ෂා කිරීමේදී නීති විරෝධී දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් 05 දෙනෙකු, අදාල ධීවර යාත්‍රාව සහ ඔවුන් භාවිතා කල තහනම් ධීවර දැල්. නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි

මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලද පුද්ගලයින් අවුරුදු 20ත් 59ත් අතර වයසේ පසුවන කොන්තන්තිව් සහ උඩප්පුව යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට තහවුරු කරගෙන ඇති අතර එම පුද්ගලයන්, අදාල ධීවර යාත්‍රාව සහ තහනම් දැල් ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා පුත්තලම, සහකාර ධීවර අධ්‍යක්‍ෂ කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදි.