නීති විරෝධී මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් 06 දෙනෙකු නාවික හමුදා සහයෙන් තීතියේ රැහැනට.

රටේ පවතින ව්‍යසනකාරී තත්වය හමුවේ වුවද මත්ද්‍රව්‍ය මැඩලීමේ ජාතික කර්තව්‍යයට උරදෙමින් සිටින ශ්‍රී ලංකා නාවික හමුදාව සාගරය හරහා මෙරටට රැගෙන ඒමට උත්සහ කරනු ලබන මත්ද්‍රව්‍ය මෙන්ම රට අභ්‍යන්තරය තුළද හුවමාරු වන මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් රැසක් ක්‍රියාත්මක කරමින් සිටී. ඒ අනුව 2020 අප්‍රේල් 20 වන දින දකුණු සහ නැගෙනහිර නාවික විධානයන්හි සිදු කල මෙහෙයුම් තුනකදී නිතී විරෝධී මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් 06 දෙනෙකු නීතියේ රැහැනට හසුකර දීමට සමත් විය.

දකුණු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් පට්ටිපොල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් හා එක්ව මාතර, කුඩාවැල්ල ධීවර වරායේ සිදු කල එක් සෝදිසි මෙහෙයුමකදී සැක සහිත පුද්ගලයෙකු පරීක්‍ෂාවට ලක් කිරීමේදී එම පුද්ගලයා සතුව තිබී ගංජා ග්‍රෑම් 70 ක පමණ ප්‍රමාණයක් සොයා ගන්නා ලදි. එහිදි අදාල ගංජා ප්‍රමාණය සමඟ වයස අවුරුදු 25ක් වන අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචිකරු වන මෙම සැකකරු (01) අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක්, ශ්‍රී ලංකා යුධ හමුදාව සහ යාන් ඔය පොලිස් මුරපළේ නිලධාරීන් හා එක්ව යාන් ඔය පාලම අසල ක්‍රියාත්මක කල මාර්ග බාධකයකදී මාර්ගයේ ගමන් ගත් සැක සහිත යතුරු පැදි දෙකක් (02) පරීක්‍ෂාවට ලක් කිරීමේදී අදාල යතුරු පැදි දෙකෙහි (02) ගමන් ගත් පුල්මුඩේ සහ එරක්කණ්ඩි ප්‍රදේශයන්හි පදිංචි වයස අවුරුදු 21ත් 28ත් අතර වයසේ පසුවන පුද්ගලයින් තිදෙනෙකු (03) සතුව තිබී ගංජා ග්‍රෑම් 51කට අධික ප්‍රමාණයකුත් තහනම් මත්පෙති 40ක පමණ ප්‍රමාණයකුත් සොයා ගැනීමට සමත් වී ඇති අතර, කුච්චවේලි පොලීසිය හා එක්ව සල්පෙආරු ප්‍රදේශයේ සිදු කල තවත් මෙහෙයුමකදී ත්‍රිරෝද රථයක ගමත් ගත් තවත් වයස අවුරුදු 41 සහ 33 වියෙහි පසුවන ත්‍රිකුණාමලය පුදේශයේ පදිංචි තවත් පුද්ගලයින් දෙදෙනෙක් පරීක්‍ෂාවට ලක්කිරීමේදී ඔවුන් සතුව තිබී ගංජා ග්‍රෑම් 60ක ප්‍රමාණයකුත් සොයා ගැනීම‍ට සමත්විය. මෙහිදී එම සිදුවීම් දෙකට (02) අදාලව පුද්ගලයින් 05 දෙනෙක්, ඔවුන් සතුව තිබූ මත්ද්‍රව්‍ය, යතුරු පැදි දෙකක් සහ ත්‍රීරෝද රථයක් අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස ඉහත මෙහෙයුම් තුනෙහි (03) දී නීතියේ රැහැනට හසුකර ගත් පුද්ගලයින්, මත්ද්‍රව්‍ය, යතුරු පැදි සහ ත්‍රීරෝද රථය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශණ කටයුතු පිළිවෙලින් තංගල්ල, පුල්මුඩේ සහ කුච්චවේලි යන පොලිස් ස්ථාන මගින් සිදු කරනු ලබයි.

කුඩාවැල්ල ධීවර වරාය තුලදී ගංජා ග්‍රෑම් 70 ක පමණ ප්‍රමාණයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම.



යාන් ඔය පාලම අසල ක්‍රියාත්මක කල මාර්ග බාධකයේදී ගංජා ග්‍රෑම් 51කට අධික ප්‍රමාණයකුත් තහනම් මත්පෙති 40ක පමණ ප්‍රමාණයකුත් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගැනීම

සල්පෙආරු ප්‍රදේශයේදී ගංජා ග්‍රෑම් 60ක පමණ ප්‍රමාණයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගැනීම