කොරෝනා වෛරසය ආසාධිතයෙකු ඇසුරු කල තවත් පුද්ගලයෙකු (01) නිරෝධායනය සඳහා යොමු කෙරේ.

කොරෝනා වෛරසය ආසාධිතයෙකු ඇසුරු කල ජාඇල ප්‍රදේශයේ තවත් පුද්ගලයෙකු (01) 2020 අප්‍රේල් 20 වන දින නාවික හමුදාව විසින් නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු කරන ලදි.

කොරෝනා වෛරසය ආසාධිතයින් සමඟ සමීප සබඳතා පැවැත්වූ කොළඹ ප්‍රදේශයේ පුද්ගලයින් සොයා නාවික හමුදා බුද්ධි මෙහෙයුම් දියත් කර ඇති අතර, එම මෙහෙයුම් මගින් විශාල පිරිසක් මේ වන විට නිරෝධායන කටයුතු සිදු කිරීම සඳහා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පසුගිය දින කිහිපයේදී කටයුතු කරන ලදි. ඒ අනුව 2020 අප්‍රේල් 20 වන දිනද වෛරසය ආසාධිතයින් සමඟ සමීප සබඳතා පැවැත්වූ පුද්ගලයෙකු ජාඇල ප්‍රදේශයෙන් හදුනා ගැනීමට හැකිවී ඇති අතර, ප්‍රදේශවාසීන්ගේ ආරක්‍ෂාව සහ සෞඛ්‍යමය හේතූන් මත එම පුද්ගලයා නිරෝධායන ක්‍රියාවලියට යොමු කිරීම සඳහා පූර්ණ විෂබීජහරණයකට ලක් කිරීමෙන් අනතුරුව එදිනම ඔලුවිල් වරාය පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කරන ලදි.