නීති විරෝධී දැල් තොගයක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 අප්‍රේල් 19 සහ 20 යන දිනයන්හි නිලාවේලි සහ මඩකළපුව යන ප්‍රදේශයන්හි සිදු කරන ලද මුර සංචාරයන් අතරතුර නීති විරෝධී දැල් තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

නොයෙක් තහනම් ධීවර ක්‍රම භාවිතා කරමින් සිදුකරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තරව දිවයින වටා වූ සාගර කළාපයේ මුර සංචාරයන් දියත් කරනු ලබන අතර, නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් 2020 අප්‍රෙල් 19 වන දින නිලාවේලි, එරක්කණ්ඩි ප්‍රදේශයේ සිදු කල මුර සංචාරයකදී ධීවර යාත්‍රාවක සහ ධීවර වාඩියක තිබූ තහනම් දැල් 06ක් සහ 2020 අප්‍රේල් 20 වන දින මඩකළපුව කළපුවේ සිදු කල මුර සංචාරයකදී කළපුවේ මසුන් ඇල්ලීම සඳහා එළා තිබූ නීති විරෝධී දැල් 03ක ප්‍රමාණයකුත් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලද තහනම් දැල් ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා ත්‍රිකුණාමලය සහ මඩකළපුව සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාල වෙත භාරදීමට කටයුතු කරන ලදි.