නාවික හමුදාව සහ පොලිසිය සිදු කල ඒකාබද්ධ මෙහෙයුමකින් කේරළ ගංජා සහ හෙරෝයින් සමඟ පුද්ගලයන් සිවි දෙනෙක් (04) අත් අඩංගුවට.

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 අප්‍රේල් 19 වන දින තලෙයිමන්නාරම ජැටියේ සිදු කල සොදිසි මෙහෙයුමකදී කේරළ ගංජා සහ ‍හෙරෝයින් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයින් සිව් දෙ‍නෙක් (04) අත්අඩංගුවට ගැනීමට සමත් විය.

රටේ පවතින ව්‍යසනකාරී තත්වය හමුවේ වුවද මත්ද්‍රව්‍ය මැඩලීමේ ජාතික කර්තව්‍යයට උරදෙමින් සිටින ශ්‍රී ලංකා නාවික හමුදාව සාගරය හරහා මෙරටට රැගෙන ඒමට උත්සහ කළ මත්ද්‍රව්‍ය මෙන්ම රට අභ්‍යන්තරය තුළ හුවමාරු වන මත්ද්‍රව්‍ය වැටලීමේ සාර්ථක මෙහෙයුම් රැසක් ක්‍රියාත්මක කර ඇත. ඒ අනුව උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් තලෙයිමන්නාරම පොලිසිය හා එක්ව සිදුකල සෝදිසි මෙහෙයුමකදී තලෙයිමන්නාරම ජැටියේ තිබූ සැක සහිත ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කිරීමේදී එහි එහි සිටි පුද්ගලයින් සතුව තිබී කේරළ ගංජා ග්‍රෑම් 10 මිලි ග්‍රෑම් 800ක පමණ ප්‍රමාණයක් සහ හෙරෝයින් මිලිග්‍රෑම් 15ක පමණ ප්‍රමාණයක් සොයා ගැනීමට සමත් විය. ඒ අනුව එම යාත්‍රාවේ සිටි පුද්ගලයින් සිවිදෙනෙකු (04), ඔවුන් සතුව තිබූ කේරළ ගංජා හා ‍හෙරොයින් මත්ද්‍රව්‍ය, ඩිංගි යාත්‍රාව සහ එහි තිබූ පිටත දහන යන්ත්‍රයක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

අත් අඩංගුවට ගන්නා ලද මෙම සැකකරුවන් වයස අවුරුදු 21 ත් 27ත් අතර පසුවන තලෙයිමන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව අනාවරණය කරගත් අතර, එම සැකකරුවන් සිවි දෙනා (04), ඔවුන් සතුව තිබූ මත්ද්‍රව්‍ය, ඩිංගි යාත්‍රාව සහ එහි තිබූ පිටත දහන යත්න්‍රය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු තලෙයිමන්නාරම පොලිස් ස්ථානය මගින් සිදු කරනු ලබයි.