නීති විරෝධී ලෙස මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් පිරිසක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 මාර්තු 31 වන දින පුල්මුඩේ, අරිසිමලය ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ සිදු කරන ලද මුර සංචාරයක් අතරතුර නීති විරෝධී ලෙස මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් පිරිසක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත.

නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව දැඩි අවධානයෙන් යුතුව කටයුතු කරනු ලබයි. ඒ අනුව නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පරිසක් විසින් පුල්මුඩේ, අරිසිමලය ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ සිදු කරන ලද මුර සංචාරයක් අතරතුර මසුන් අල්ලමින් සිටි සැක සහිත ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂා කිරීමේදී ඔවුන් සතුව නීත්‍යානුකූල බලපත්‍ර නොමැති බවට තහවුරු කරගන්නා ලදි. ඒ අනුව පුද්ගලයින් හයදෙනෙක් (06), ඩිංගි යාත්‍රාව සහ අනෙකුත් ධීවර උපකරණ කිහිපයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

නාවික හමුදා භාරයට ගන්නා ලද පුද්ගලයින් වයස අවුරුදු 37ත් 54ත් අතර වයසෙහි පසුවන පුල්මුඩය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට තහවුරු කරගත් අතර, අදාල පුද්ගලයන්, ඩිංගි යාත්‍රාව සහ අනෙකුත් ධීවර උපකරණ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා පුල්මුඩය, පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදි.