ගිණිකොණ නාවික විධානයට අයත් ප්‍රදේශයන්හි ජනතාව වෙනුවෙන් නාවික හමුදාවෙන් සහන

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ගිණිකොණ නාවික විධානයට අයත් ප්‍රදේශයේ පවුල් කිහිපයක් වෙනුවෙන් වියලි ආහාර සළාක බෙදාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදි.

‘නව කොරෝනා’ වෛරසය මෙරට තුල පාලනය සිදු කිරීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් තව දුරටත් ශක්තිමත් කිරීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ උපදෙස් මත ශ්‍රී ලංකා නාවික හමුදාව මේ වන විට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් තම සහය ලබා දෙමින් සිටී. ඒ අනුව, ගිණිකොණ නාවික විධානයට අයත් ප්‍රදේශයේ පවුල් කිහිපයක් වෙත වියලි ආහාර සළාකයන් ලබාදීම ගිණිකොණ නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් සෙනරත් වීජේසූරියගේ මග පෙන්වීම යටතේ 2020 මාර්තු මස 27 වන දින සිට 29 වන දින දක්වා ක්‍රියාත්මක කරන ලදි. මෙහිදී පානම, කල්මුණේ, අක්කරෙයිපත්තුව, පොතුවිල් සහ ලාහුගල යන ප්‍රදේශයන් කේන්ද්‍ර කර ගනිමින් වියලි ආහාර සළාකයන් බෙදා දීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදි.

මෙම වැඩසටහන ගිණිකොණ නාවික විධානයට අයත් සියළුම නාවික පුද්ගලයින්ගේ සහයෝගයෙන් ක්‍රියාත්මක කල අතර, ඉදිරියේදීද මෙවැනි සමාජ සුභසාධන වැඩසටහන් සඳහා තම දායකත්වය ලබා දීමට නාවික හමුදාව තවදුරටත් සූදානමින් සිටී.