නාවික හමුදාව විසින් දෙවන වරටත් රාගම උතුරු කොළඹ ශික්‍ෂණ රෝහලෙහි විෂබීජහරණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.

‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජ හරණ වැඩසටහනක් 2020 මාර්තු 28 වන දින රාගම උතුරු කොළඹ ශික්‍ෂණ රෝහල් පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් දෙවන වරටත් පැවැත්වීමට කටයුතු කරන ලදි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ උපදෙස් මත බටහිර නාවික විධානයේ නාවික හමුදා රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (Chemical, Biological, Radiological and Nuclear) හදිසි ප්‍රතිචාර දැක්වීම පිළිබඳ ඒකකය විසින් දෙවන වරටත් රාගම උතුරු කොළඹ ශික්‍ෂණ රෝහල් පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් පවත්වන ලද මෙම වැඩසටහනෙහිදී රෝහල් පරිශ්‍රයේ සියළුම ස්ථාන ආවරණය වන පරිදි ක්‍රමවත්ව විෂබීජහරණය සිදු කිරීමට කටයුතු කරන ලදි. රජය විසින් අවධානම් කළාපයක් ලෙස නම් කර ඇති කොළඹ දිස්ත්‍රික්කය තුල වෛරසය තවදුරටත් ව්‍යාප්තවීම වැළැක්වීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදි.

මෙහිදී, රෝහලෙහි සියළුම ස්ථාන ආවරණය වන පරිදි විධිමත්ව විෂබීජ හරණය සිදු කරන ලද අතර, මහජනතාවගේ ආරක්‍ෂාව වෙනුවෙන් නිරන්තර දායකත්වය ලබා දීමට නාවික හමුදාව සූදානමින් සිටී.