ඉරනවිල නිරෝධායන මධ්‍යස්ථානයේ ජල මූලාශ්‍ර පිරිසිදු කිරීමට නාවික හමුදා දායකත්වය.

නාවික හමුදාව විසින් 2020 මාර්තු 27 වන දින හලාවත, ඉරනවිල ප්‍රදේශයේ ස්ථාපනය කරන ලද නිරෝධායන මධ්‍යස්ථානයේ ජල පහසුකම් සළසා ගැනීම සඳහා භාවිතා කරනු ලබන ලිඳ පිරිසිඳු කිරීමට කටයුතු කරන ලදි.

නව කොරෝන වෛරසය රට තුළ පැතිරීම පාලනය කිරීම සඳහා රජය විසින් සිදු කරනු ලබන වැඩසටහන් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සිය දායකත්වය නිරන්තරයෙන් ලබා ‍දීමට කටයුතු කරනු ලබයි. ඒ අනුව, හලාවත, ඉරනවිල ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති නිරෝධායන මධ්‍යස්ථානයේ පානීය ජල පහසුකම් ලබා ගැනීම සඳහා භාවිතා කරනු ලබන ලිඳ පිරිසිදු කරදෙන ලෙස පුත්තලම දිසාපති විසින් සිදු කරන ලද ඉල්ලීමකට අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ උපදෙස් මත වයඹ නාවික විධානය භාර ආඥාපති ඩීකේපී දසනායක ගේ අධීක්‍ෂණය යටතේ නාවික පුද්ගලයින් පිරිසක් 2020 මාර්තු 27 වන දින එම කටයුතු සඳහා සහභාගී කරවන ලදි. ඒ අනුව එම නාවික පුද්ගලයින් විසින් අදාල ලිඳ පිරිසිඳු කර නිරෝධායන මධ්‍යස්ථානයේ දෛනික පානීය ජල අවශ්‍යතාවය සපුරා ගැනීමට හැකි වන පරිදි පිරිසිදු කිරීම සිදු කරන ලදි.

මෙම වෛරසය හේතුවෙන් ලොවම අවධානම් තත්වයකට පත්ව ඇති අවස්ථාවක ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීම හා පාලනය මෙන්ම මහජනතාවගේ ආරක්‍ෂාව උදෙසා ගත යුතු සෑම පියවරක්ම ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් හා කැපවීමෙන් කටයුතු කරනු ලබයි.