නාවික හමුදා සහයෙන් කේරළ ගංජා සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට.

නාවික හමුදාව සහ පොලිසිය එක්ව තලෙයිමන්නාරම, ඌරුමලේ ප්‍රදේශයේ සිදු කල ඒකාබද්ධ මෙහෙයුමකදී අද (2020 මාර්තු 27) කේරළ ගංජා ග්‍රෑම් 700 කට ආසන්න ප්‍රමාණයක් සමග සැකකරුවකු (01) අත්අඩංගුවට ගන්නා ලදි.

උතුරු මැද නාවික විධානයට අයත් නාවික පුද්ගයින් පිරිසක්, තලෙයිමන්නාරම පොලිසිය හා එක්ව අද (2020 මාර්තු 27) මන්නාරම, ඌරුමලේ ප්‍රදේශයේ සිදු කල ඒකාබද්ධ මෙහෙයුමකදී ඇඳරි නීති තත්වය පවතින අවස්ථාවක එම ප්‍රදේශයේ පාලු ස්ථානයක සැක සහිත ලෙස හැසිරුණු පුද්ගලයෙකු නිරීක්‍ෂණය කරන ලද අතර, පසුව ඔහු සම්බන්ධයෙන් සිදු කල වැඩිදුර විමර්ෂණවලදී ඒ අසල කැළෑබඳ ප්‍රදේශයක සගවා තිබූ කේරළ ගංජා ග්‍රෑම් 700 කට ආසන්න ප්‍රමාණයක් සහිත පාර්සලයක් සොයා ගැනීමට හැකිවිය. ඒ අනුව අදාල සැකකරු සහ කේරළ ගංජා ප්‍රමාණය අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස අත් අඩංගුවට ගත් සැකකරු අවුරුදු 27ක් වන එම ප්‍රදේශයේම පදිංචිකරුවකු බවට හදුනාගෙන ඇති අතර, අදාල සැකකරු සහ කේරළ ගංජා ප්‍රමාණය සම්බන්ධයෙන් ඉදිරි විමර්ෂණ කටයුතු තලෙයිමන්නාරම පොලීසිය විසින් සිදු කරනු ලබයි.