නීති විරෝධී දැල් භාවිත කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් දෙදෙනෙක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 මාර්තු 01 වන දින ඉරනතිව් ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයක් අතරතුර නීති විරෝධි දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත.

තහනම් ධීවර ක්‍රම භාවිතා කරමින් සිදුකරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තරව කටයුතු කරනු ලබන අතර, ඒ අනුව උතුරුමැද නාවික විධානයේ නාවිකයින් පිරිසක් විසින් ඉරනතිව් ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයක් අතරතුරදී නීති විරෝධී දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට ගෙන ඇත. එහිදි ඩිංගි යාත්‍රාවක් (01) සහ තහනම් දැල් අටක් (08), පිටත දහන යන්ත්‍රයක් (01) සහ තවත් ධීවර උපකරණ නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, එම පුද්ගලයින් අවුරුදු 29 සහ 38 වන වයස් වල පසුවන පූනරින් ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට තහවුරු කරගෙන ඇත.

නාවික හමුදා භාරයට ගන්නා ලද එම පුද්ගලයන්, ඩිංගි යාත්‍රාව, පිටත දහන යන්ත්‍රය, තහනම් දැල් සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා කිලිනොච්චිය, ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.