ගාල්ල නගරයේ මහා මාර්ග සහ පදික මංතීරු පිරිසිදු කිරීමට නාවික හමුදා දායකත්වය

පිවිතුරු දකුණක් - ලස්සන හෙටක් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ රට හදන සෞභාග්‍යයේ දැක්ම පෙරදැරි කර ගනිමින් ක්‍රියාත්මක කරනු ලබන මාර්ග පවිත්‍රතා සතිය සහ නාවික හමුදාවේ නීල හරිත පාරිසරික සංකල්පයට සමගාමීව ගාල්ල ප්‍රදේශයේ මාර්ග සහ පදික මංතිරු පිරිසිදු කිරිමේ වැඩසටහනක් නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් 2020 පෙබරවාරි මස 28 දින ක්‍රියාත්මක කරන ලදි.

ඒ අනුව, දකුණු නාවික විධාන භාර ආඥාපතිගේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහන මගින් මාගාල්ල පාළම අසල සිට ගාල්ල නගරය දක්වා ගාල්ල මාතර ප්‍රධාන මාර්ගය දෙපස සහ පදික මංතීරුව පිරිසිඳු කිරීම ක්‍රියාත්මක කරන ලදි. එහිදී ස්වභාවික හේතූන් සහ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දැඩි ලෙස අපිරිසිදුව තිබූ කාණු පද්ධතිය සහ පදික මංතීරු අපද්‍රව්‍ය වලින් තොර කළාපයක් බවට පත් කිරීමට හැකිවූ අතර, මහා මාර්ගයේ විසිරී තිබූ ප්ලාස්ටික්, පොලිතීන් ඇතුළු කැලිකසල විශාල ප්‍රමාණයක්ද ඉවත් කිරීමට කටයුතු කරන ලදී.

තවද, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක නීල හරිත පාරිසරික සංග්‍රාමය යටතේ මෙවැනි පරිසරය පිරිසිදු කර ප්ලාස්ටික් සහ පොලිතීන් වලින් තොර කළාප බවට පත් කිරීමේ වැඩසටහන් සෑම නාවික විධානයකම සිදු කරනු ලබයි.