කේරළ ගංජා සමග පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය.

නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය හා එක්ව 2020 පෙබරවාරි 27 මීගමුව, තේවත්ත ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා ග්‍රෑම් 100 ක පමණ ප්‍රමාණයක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට සමත්විය.

මතින් තොර රටක් ගොඩනැගීමේ ජාතික මෙහෙවර සඳහා සක්‍රීය දායකත්වය ලබා දෙන ශ්‍රී ලංකා නාවික හමුදාව පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය සමග එක්ව මීගමුව, තේවත්ත ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී සැක සහිත පුද්ගලයෙකු නිරීක්‍ෂණය කර පරීක්‍ෂා කිරීමේදී එම පුද්ගලයා සතුව තිබූ පැකට් 37කින් යුත් කේරළ ගංජා ග්‍රෑම් 100 ක පමණ ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිවී ඇත. සොයා ගන්නා ලද කේරළ ගංජා අලෙවි කිරීම සඳහා රැගෙන යමින් තිබියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, අදාල සැකකරු වයස අවුරුදු 49 ක් වන රාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට කරුණු අණාවරණය කර ගන්නා ලදි.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු සහ කේරළ ගංජා ප්‍රමාණය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා රාගම පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කරන ලදි.