නීති විරෝධී දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 පෙබරවාරි 27 වන දින පුත්තලම, උඩප්පුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයක් අතරතුර නීති විරෝධි ලෙස ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

තහනම් ධීවර ක්‍රම භාවිතා කරමින් සිදුකරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තරව කටයුතු කරනු ලබයි. ඒ අනුව වයඹ නාවික විධානයට අයත් නාවිකයින් පරිසක් විසින් පුත්තලම, උඩප්පුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයක් අතරතුරදී නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට ගන්නා ලදි. එහිදි ඩිංගි යාත්‍රා 02 ක් සහ තහනම් දැල් දෙකක් (02) සමග අනෙකුත් ධීවර ආම්පන්න ද නාවික හමුදා භාරයට ගත් අතර, එම පුද්ගලයින් අවුරුදු 26 ත් 36 ත් අතර වයස් වල පසුවන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව වැඩිදුරටත් තහවුරු කරගන්නා ලදි.

ඒ අනුව, අදාල පුද්ගලයන්, ඩිංගි යාත්‍රා සහ තහනම් දැල් සමග අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා පුත්තලම, සහකාර ධීවර අධ්‍යක්‍ෂ වෙත භාර දීමට කටයුතු කෙරිණි.