මුලතිව්, වඩ්ඩුවාකල් වෙරළ තීරයේ තිබී පුද්ගල නාශක බෝම්බයක් නාවික හමුදා භාරයට

මුලතිව්, වඩ්ඩුවාකල් වෙරළ තීරයේ තිබී අද (2020 පෙබරවාරි 27) පුද්ගල නාශක බෝම්බයක් නාවික හමුදාව විසින් තම භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සාගර පරිසරය සුරක්‍ෂිත කිරීමේ අරමුණින් නිරන්තරයෙන් වෙරළ පිරිසිඳු කිරීම් කටයුතු සිදු කරනු ලබයි. ඒ අනුව අද (2020 පෙබරවාරි 27) නැගෙනහිර නාවික විධානයේ නාවිකයින් පිරිසක් මුලතිවු, වඩ්ඩුවාකල් වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළ අතර, එහිදී වෙරලේ තිබී පුද්ගල නාශක බෝම්බයක් නාවික හමුදා භාරයට ගෙන ඇත. මෙය එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් නිශ්පාදනය කළ බෝම්බයක් බවට සැක පල කරනු ලබයි.

තවද, නාවික හමුදා භාරයට ගත් මෙම බොම්බය පිළිබඳ වැඩිදුර විමර්ශන සඳහා නාවික හමුදා භාරයේ තබාගැනීමට කයුතු කරන ලදි.