තුර්කි තානාපතිනි ආර්. ඩිමෙට් සෙකසියොග්ලූ (R. Demet Sekercioglu) නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක.

තුර්කි තානාපතිනි ආර්. ඩිමෙට් සෙකසියොග්ලූ (R. Demet Sekeroioglu) අද (2020 පෙබරවාරි 26) නාවික හමුදා මූලස්ථානයේ නිල සංචාරයක නිරත වන ලදි.

ඒ අනුව, නාවික හමුදා මූලස්ථානය වෙත පැමිණි තුර්කි තානාපතිනි ආර්. ඩිමෙට් සෙකසියොග්ලූ උණුසුම් අයුරින් නාවික හමුදා මූලස්ථානය වෙත පිළිගන්නා ලද අතර, මෙහිදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා සහ තුර්කි තානාපතිනිය වැදගත් කරුණු සම්බන්ධයෙන් සුහද කථාබහක නිරත විය. මෙම නිල හමුව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරුණි.