කොළඹ වාහන තදබදය පාලනයට නාවික හමුදා විනයාරක්‍ෂක අංශයේ දායකත්වය

කොළඹ නගර සීමාව තුල පවතින වාහන තදබදය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ විනයාරක්‍ෂක අංශයේ නාවිකයින් යෙදවීමට කටයුතු කර ඇත.

රථ වාහන හැසිරවීම සඳහා හමුදා පුද්ගලයින් යෙදවීමේ ක්‍රමවේදයට සමගාමීව කොළඹ නගර සීමාව තුල ඉතා සීඝ්‍රයෙන් ඉහළ යන රථ වාහන තදබදය පාලනය කිරීම සඳහා පොලීසිය වෙත අවශ්‍ය සහයෝගය ලබා දීම වෙනුවෙන් 2020 පෙබරවාරි 25 වන දින සිට මෙලෙස නාවික හමුදා විනයාරක්‍ෂක අංශයේ නාවිකයින් මෝදර පොලිසිය සමග එක්ව රථ වාහන පාලන රාජකාරි කටයුතු වල යෙදවීමට කටයුතු කර ඇත.

මෙහිදී කොළඹ නගර සීමාවේ රථවාහන පාලන රාජකාරි කාර්යක්‍ෂමව සිදු කිරීමටත් එමගින් දෛනිකව රථ වාහන තදබදය හේතුවෙන් සිදු වන කාලය අපතේ යෑම සහ වායු දූෂණය වැළැක්වීමත් අපේක්‍ෂා කෙරේ.