ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථානයක් සඳහා මුල්ගල තබයි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් පරිදි පානම ශ්‍රී බෝධිරුක්ඛාරාම මහා විහාරයේ ඉදි කිරීමට නියමිත ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය සඳහා මුල්ගල් තැබීම ගිණිකොන නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් සෙනරත් විජේසූරිය විසින් 2020 පෙබරවාරි 24 වන දින සිදු කරන ලදී.

ඒ අනුව, ප්‍රදේශයේ ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය සපුරාලිම සඳහා රජයේ ප්‍රතිපාදන මත සහ නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් ස්ථාපනය කිරීමට නියමිත ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථානයක් සඳහා මෙලෙස මුල්ගල තැබීම සිදු කරන ලද අතර, මෙම උත්සව අවස්ථාව සඳහා ප්‍රදේශයේ ජනතාව ඇතුළු විශාල පිරිසක් සහභාගී වන ලදි.

තවද, මාරාන්තික වකුගඩු රෝගය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ ජාතික කර්තව්‍යයේ කොටස්කරුවෙකු වන නාවික හමුදාව, ඉදිරියටත් මෙවැනි ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කර ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා දීමට කටයුතු කරමින් සිටී.