කපිතාන් රොහාන් ජෝෂප් ශ්‍රීලංනානෞ සාගර නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා සාගර ‍නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් රෝහාන් ජෝෂප් අද (2020 පෙබරවාරි 24) වැඩ භාර ගන්නා ලදී.

නෞකාවේ හිටපු අණදෙන නිලධාරී කපිතාන් තුෂාර උඩුගම විසින් ත්‍රිකුණාමලය, නාවික තඨාකාංගණයේදී නිල වශයෙන් කපිතාන් රෝහාන් ජෝෂප් වෙත අණදෙන නිලධාරී ධූරයේ රාජකාරීන් භාර දීමට කටයුතු කෙරිණි. තවද, එම අවස්ථාව සඳහා ධජ නිලධාරී නාවික දියත් විධානය, රියර් අද්මිරාල් උපුල් ද සිල්වා සහභාගී වූ අතර, නව අණදෙන නිලධාරීගේ අංශ පිරික්සීමෙන් අනතුරුව එම කර්තව්‍යයන් නිමාවට පත් කෙරිණි.