ජපාන නාවික හමුදා නියෝජිතයින් පිරිසක් නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි

ජපාන නාවික හමුදා නියෝජිතයින් පිරිසක් 2020 ජනවාරි 31 වන දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමුවිය.

ඒ අනුව, ජපාන ස්වයං ආරක්‍ෂක බලකායේ කපිතාන් හිරොආකි තකෙෂිමා සහ කොමාණ්ඩර් හිරොකි සුනගාවා මෙලෙස නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමුවී ද්වීපාර්ශවික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලදි.

තවද, මෙම අවස්ථාව සඳහා ජපාන තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, ගකු ෆුකෝරා ද සහභාගී වූ අතර, මෙම අවස්ථාව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් ජපාන ස්වයං ආරක්‍ෂක බලකායේ කපිතාන් හිරොආකි තකෙෂිමා වෙත සමරු තිළිණයක් ලබා දීමට කටයුතු කරන ලදි.