තහනම් දැල් තොගයක් සමග පුද්ගලයින් 12 දෙනෙකු නාවික හමුදා භාරයට

නාවික හමුදාව 2020 ජනවාරි 31 මන්නාරම ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් සිදු කළ වැටලීම් දෙකකදී (02) තහනම් දැල් තොගයක් සමග පුද්ගලයින් 12 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.

නීති විරෝධී ධීවර දැල් භාවිතයෙන් සිදුවන සාගර පරිසර හානිය වැලැක්වීම සඳහා නාවික හමුදාව විසින් 2020 ජනවාරි 31 මන්නාරම ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කරනු ලැබූ මෙහෙයුම් දෙකකදී (02) මන්නාරම සවුත්බාර් සහ වන්කාලේ යන ප්‍රදේශයන් තුල තහනම් ධීවර දැල් භාවිත කරමින් ධීවර කටයුතු වල නිරතව සිටි පුද්ගලයින් 12 දෙනෙකු තහනම් දැල් අටක් (08), ධීවර යාත්‍රා හතරක් (04) සහ අනෙකුත් ධීවර ආම්පන්න සමග නාවික හමුදා භාරයට ගැනීමට සමත්වී ඇත.

තවද, නාවික හමුදා භාරයට ගන්නා ලද පුද්ගලයින් වයස අවුරුදු 28 ත් 68 ත් අතර මන්නාරම සහ වංකාලේ යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හදුනාගෙන ඇති අතර, ධීවර යාත්‍රාවන් සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මන්නාරම සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කර ඇත.