ආරක්‍ෂක ලේකම් නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක.

ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා අද (2020 ජනවාරි 31) නාවික හමුදා මූලස්ථානයේ නිල සංචාරයක් සඳහා සහභාගී වන ලදි.

නිල හමුවක් සදහා අද (2020 ජනවාරි 31) නාවික හමුදා මූලස්ථානය වෙත පැමිණි ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා නාවික සම්ප්‍රදායානුකූලව නාවික හමුදා මූලස්ථානය වෙත පිළිගත් අතර, එතුමන් ආරක්‍ෂක ලේකම් වශයෙන් වැඩ භාර ගැනීමෙන් අනතුරුව නාවික හමුදා මූලස්ථානය වෙත පැමිණි පළමු අවස්ථාව ලෙස මෙය සනිටුහන් විය.

මෙහිදී නාවික හමුදාධිපති සහ ආරක්‍ෂක ලේකම් තුමන් වැදගත් කරුණු රාශියක් සම්බන්ධයෙන් සුහද කථාබහක නිරතවූ අතර, මෙම නිල හමුව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරුණි.