රාජකීය ඕස්ට්‍රේලියානු නාවික හමුදා නියෝජිතයින් පිරිසක් නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි

රාජකීය ඕස්ට්‍රේලියානු නාවික හමුදා නියෝජිතයින් පිරිසක් 2020 ජනවාරි 29 වන දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමුවිය.

ත්‍රස්තවාදී කටයුතු සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම සම්බන්ධව ශ්‍රී ලංකා නාවික හමුදාව සමග සාකච්ඡා කිරීම සඳහා ‍ මෙරටට පැමිණි රාජකීය ඕස්ට්‍රේලියානු නාවික හමුදාවේ කොමදෝරු රේමන්ඩ් ලෙගාට් ඇතුළු ඔස්ට්‍රේලියානු නියෝජිත පිරිස 2020 ජනවාරි 29 වන දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමුවිය.

ඒ අනුව සාගරයේ සිදු කරනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ ත්‍රස්තවාදී ක්‍රියා මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාවේ කාර්යභාරය පිළිබඳ ද්වීපාර්ශික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් මෙහිදී සාකච්ඡා විය.