පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයෙන් ජීවී අත් බෝම්බ දහඅටක් (18) නාවික හමුදා සහයෙන් සොයා ගැනේ

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජනවාරි 29 වන ‍‍‍‍දින පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී මාර්ගයක් අසල පොලොව යට සඟවා තිබූ ජීවී අත් බොම්බ දහඅටක් (18) සොයා ගන්නා ලදී.

ඒ අනුව, පුදුකුඩිඉරිප්පු ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදු කරන ලද ඒකාබද්ධ සොදිසි මෙහෙයුමකදී ‍ මාර්ගයක් අසල පොලොව යට සඟවා තිබූ ජීවී අත් බෝම්බ දහඅටක් (18) සොයා ගන්නා ලදි. මෙලෙස සොයා ගන්නා ලද අත් ‍බෝම්බ අතර එස්එෆ්ජී 87 (SFG 87) වර්ගයේ ජීවී අත් බෝම්බ 16 ක් සහ එම් 75 (M 75) වර්ගයේ ජීවී අත්බෝම්බ දෙකක් (02) තිබූ අතර, මෙම ජීවී අත්බෝම්බ යුධ සමයේදී පලාගිය එල්ටීටීඊ සාමාජිකයින් විසින් මෙලෙස සඟවා තබා යන්නට ඇතැයි සැක පල කරයි.

සොයාගන්නා ලද ජීවී අත්බෝම්බ දහඅට (18) විමර්ශන කටයුතු සඳහා කිලිනොච්චි පොලිසි විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිශ්ක්‍රීය අංශය වෙත ලබා දීමට කටයුතු කරන ලදි.