පිලිපීන නාවික හමුදාවට අයත් නෞකාවන් දිවයිනෙන් පිටත්ව යයි.

තෙදින නිල සංචාරයක් සදහා පැමිණ සිටි පිලිපීන නාවික හමුදාවට අයත් ‘රමොන් අල්කරාස්’ (Ramon Alcaraz) සහ ‘ඩවාවෝ ඩෙල්සූර්’ (Davao Delsur) යන නෞකාවන් අද (2020 ජනවාරි 29) දිවයිනෙන් පිටත්ව යන ලදී.

ඒ අනුව, 2020 ජනවාරි 26 වන දින කොළඹ වරායට ‍සේන්දු වූ පිලිපීන නාවික හමුදාවට අයත් ‘රමොන් අල්කරාස්’ (Ramon Alcaraz) සහ ‘ඩවාවෝ ඩෙල්සූර්’ (Davao Delsur) යන නෞකාවන් දිවයිනේ රැදී සිටි දින තුනක (03) ක කාලසීමාව තුළදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලැබූ විවිධ වැඩසටහන් සඳහා සහභාගී වූ අතර, දෙරටේ මිත්‍රත්වය සහ සුහදත්වය වර්ධනය වීම සඳහා වැලිසර නාවික කඳවුරේදී පවත්වන ලද සුහද පැසි පන්දු තරගයද විශේෂයෙන් ඉවහල් විය.

එසේම,සාර්ථක තෙදින නිල සංචාරය නිමා කරමින් අද (2020 ජනවාරි 29) දිවයිනෙන් පිටත් වූ පිලිපීන නෞකාවන් වෙත නාවික සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සමුදීම සිදු කෙරිණි.