කැස්බෑවන් දෙදෙනෙකු මුදා ගැනීමට නාවික හමුදාව කටයුතු කරයි

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් යාපනය, මණ්ඩතිව් සහ චිරතිව් දූපත් ආශ්‍රිතව සිදු කළ මුර සංචාරයකදී ජිවී කැස්බෑවන් දෙදෙනෙකු (02) ධීවර යාත්‍රාවක් තුළ තබා ගෙන සිටියදී 2020 ජනවාරි 27 වන දින සොයා ගැනීමට සමත්වීය.

ඒ අනුව, නාවික හමුදාව විසින් යාපනය, මණ්ඩතිව් සහ චිරතිව් දූපත් ආශ්‍රිතව සිදු කළ මුර සංචාරයකදී ධීවර කටයුතු වල නිරතව සිටි ධීවර යාත්‍රාවක් තුළ සිටි මෙම ජීවී කැස්බෑවන් දෙදෙනා නීරීක්‍ෂණය කර ඇති අතර, එහිදී යාත්‍රාවේ සිටි පුද්ගලයින් තිදෙනෙකු (03) සහ අනෙකුත් ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇති අතර, මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලද ධීවරයින් වයස අවුරුදු 36, 25 සහ 20 යන වයස් වල පසුවන යාපනය ප්‍රද්ශයේ පදිංචිකරුවන් බවට හදුනාගෙන ඇත.

ඒ අනුව මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලද පුද්ගලයින් තිදෙනා (03), කැස්බෑවුන් දෙදෙනා (02) සහ ධීවර ආම්පන්න පිළිබඳ වැඩි දුර විමර්ශණ කටයුතු සදහා වෙලනි ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට කටයුතු කරන ලදි.