කොමාණ්ඩර් (අවි) ප්‍රියදර්ශන උඩුකුඹුර ශ්‍රීලංනානෞ ‘රණධීර’ නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු නොගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘රණධීර’ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් (අවි) ප්‍රියදර්ශන උඩුකුඹුර 2020 ජනවාරි 27 වන දින වැඩ භාර ගන්නා ලදී.

නෞකාවේ හිටපු අණදෙන නිලධාරී කපිතාන් (මාලිමා) චමින්ද විට්ටච්චි විසින් නව අණදෙන නිලධාරී වෙත නිල වශයෙන් අණදෙන නිලධාරී ධූරයේ රාජකාරීන් භාර දීමට කටයුතු කරන ලදි. කන්කසන්තුරය, අංක 01 වරාය පරිශ්‍රයේ ජැටියේදි නාවික සම්ප්‍රදායානුකූලව කොමාණ්ඩර් (අවි) ප්‍රියදර්ශන උඩුකුඹුර වෙත ශ්‍රි ලංකා නාවික නෞකා ‘රණධීර’ නෞකාව භාර දීමෙන් පසු අභිනව අණදෙණ නිලධාරි විසින් අංශ පිරික්සුමක් පවත්වා නැව් මුලුවද අමතන ලදි.

මෙම උත්සව අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා ‘උත්තර’ ආයතනයේ අණදෙන නිලධාරි කපිතාන් මහේෂ් ද සිල්වා ද සහභාගී විය.