පකිස්තානු නාවික හමුදා කාන්තා සංවිධානයේ සභාපතිනී ශහීනා අබ්බාසි වැලිසර නාවික පෙර පාසලෙහි සංචාරයක.

පකිස්තානු නාවික හමුදා කාන්තා සංවිධානයේ සභාපතිනී ශහීනා අබ්බාසි 2020 ජනවාරි 27 වන දින වැලිසර නාවික පෙර පාසලෙහි හා දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ චාරිකා වාරයක නිරත විය.

ශ්‍රී ලංනා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනිය ඇතුළු විධායක කමිටු සාමාජිකයින් විසින් පකිස්තානු නාවික හමුදා කාන්තා සංවිධානයේ සභාපතිනි ශහීනා අබ්බාසි පිළිගන්නා ලදි. එහිදී පවත්වන ලද පෙර පාසල් දරුවන්ගේ නර්තන අංගයන්ගෙන් පිළිගැනීමේ උත්සවය වර්ණවත් වූ අතර, පිළිගැනීමේ උත්සවය අවසානයේදී පෙර පාසල් දරුවන්, ගුරුවරුන් හා කාර්ය මණ්ඩලය විසින් ශහීනා අබ්බාසි වෙත සමරු තිළිණ ප්‍රදානයක්ද සිදුකරන ලදී.

තවද, ශහීනා අබ්බාසි මැතිණියගේ චාරිකාව සනිටුහන් කරනු වස් ඒ නිමිත්තෙන් අඹ පැලයක් රෝපණය කිරීම සිදුකරන ලද අතර, පසුව ඇය වෙනුවෙන් සුදානම් කරන ලද තේ පැන් සංග්‍රහය ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ නිලධාරී නිවාසයේදී පැවැත්වීමට කටයුතු කරන ලදී. මෙම අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සාමාජිකාවන් සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් සහභාගී වන ලදී.