පකිස්තානු නාවික හමුදාධිපති නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත වෙයි

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීම සඳහා පැමිණි පකිස්තානු නාවික හමුදාධිපති, අද්මිරාල් සෆර් මහමුද් අද (2020 ජනවාරි 26) නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත වන ලදී.

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින පකිස්තානු නාවික හමුදාධිපති, අද්මිරාල් සෆර් මහමුද් අද (2020 ජනවාරි 26) මෙලෙස නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත විය. එහිදී පකිස්තානු නාවික හමුදාධිපති නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ සහ ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු ප්‍රසන්න මහවිතාන හමුවී ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව අදහස් හුවමාරු කර ගන්නා ලදි. තවද මෙම අවස්ථාවන් සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් සහ ත්‍රිකුණාමලය නාවික මන්දිරය පරිශ්‍රයේදී කළුවර පැළයක් රෝපණය කිරීමද සිදු කරන ලදි.

තවද, මෙම සංචාරය අතරතුර පින්නවල අලි අනාථාගාරය වෙතද ගමන් කල පකිස්තානු නාවික හමුදාධිපතිවරයා එහිදී එම ස්ථානයේ සුන්දරත්වය දැක බලා ගන්නා ලදි.