ජනපති මැදුරේ විශේෂ චාරිත්‍ර සම්මාන මුරය සහ ගාලු මුවදොර ජාතික ධජය එසවීමේ රාජකාරිය ගුවන් හමුදාවට භාර දෙයි

2019 ඔක්තෝබර් මස 01 වන දින ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් භාර ගන්නා ලද කොළඹ ජනාධිපති මන්දිරයේ විශේෂ චාරිත්‍ර සම්මාන මුරය සහ ගාලු මුවදොර ජාතික ධජය එසවීමේ රාජකාරී අද (2020 ජනවාරි 01) දින නිල වශයෙන් ගුවන් හමුදාව වෙත භාර දෙන ලදී.

මෙම චාරිත්‍ර සම්මාන මුරය ශ්‍රී ලංකා‍ නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අණදෙන නිලධාරී, කපිතාන් මහේෂ් ද සිල්වා ගේ අධීක‍්ෂණය යට‍තේ සිදු කෙරුණු අතර, ලුතිනන් කොමාණ්ඩර් (අවි) ශාන්ත අඹන්වෙල එම විශේෂ සම්මාන මුරය භාර නිලධාරී ලෙස කටයුතු කරනු ලැබීය.