මන්චි ජාතික වොලිබෝල් තරගාවලියේ සුපර් ලීග් කාන්තා අංශයේ අනුශූරතාවය නාවික හමුදාවට

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සංවිධානය කළ 2019 මන්චි ජාතික වොලිබෝල් තරඟාවලිය මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී 2019 දෙසැම්බර් 28 වන දින නිමාවට පත් වූ අතර, එහිදී සුපර් ලීග් (Supper League) කාන්තා අංශයේ අනුශූරතාවය ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා කණ්ඩායම හිමිකර ගැනීමට සමත් විය.

තවද, මන්චි ජාතික වොලිබෝල් තරඟාවලියක අවසන් මහ තරඟයක් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා වොලිබෝල් කණ්ඩායම තේරි පත් වූ ප්‍රථම අවස්ථාව මෙය වන අතර, අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා වොලිබෝල් කණ්ඩායම සමග ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා වොලිබෝල් කණ්ඩායම තරඟ වැදුණි.

මෙහිදී නාවික හමුදා වොලිබෝල් කාන්තා කණ්ඩායම නියෝජනය කළ දිලූෂා සංජීවනී ක්‍රීඩිකාව දක්ෂතම ආරක්ෂාකාරී ක්‍රීඩිකාව ලෙසත්, නලන්තිකා සංජීවනී ක්‍රීඩිකාව දක්ෂතම පන්දු යොමුකරන්නිය ලෙසත් සම්මාන හිමිකර ගැනීමට සමත් විය.