මුහුදේ ගිලෙමින් සිටි පුද්ගලයෙකු නාවික හමුදාව විසින් බේරා ගනී

නාවික හමුදාව විසින් 2019 දෙසැම්බර් 22 වන දින ගල්කිස්ස මුහුදු තීරයේ ගිලෙමින් සිටි පුද්ගලයෙකුගේ දිවි බේරා ගැනීමට සමත් විය.

ගල්කිස්ස මුහුදේ දිය නාමින් සිටියදී මෙම පුද්ගලයා සැඩ පහරට හසුවී දියේ ගසාගෙන ගොස් ඇත. එහිදී එම වෙරළ තීරයේ පුහුණුවිම් කටයුතු වල නිරතව සිටි නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකයේ (4RU) නාවිකයින් විසින් කඩිනමින් ක්‍රියාත්මක වී එම පුද්ගලයා නිරුපද්‍රිත ලෙස බේරා ගෙන ගොඩබිම වෙත රැගෙන ඒමට සමත් විය.

මෙසේ ‍බේරා ගනු ලැබු පුද්ගලයා වයස අවුරුදු 32 ක් වන දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇත.

එමෙන්ම, දිවයින වටා වූ වෙරළ තීරය සහ රට අභ්‍යන්තරයේ ඇති වැව් හා ගංඟාවල සුන්දරත්වය නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් නාවික හමුදා ජිවිතාරක්‍ෂක කණ්ඩායම් සේවයේ යොදවා ඇතිඅතර, ඒ මගින් සංචාරකයින්ගේ ජිවිතාරක්‍ෂාව වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටි.