කොමාණ්ඩර් ගංගනාත් ජයකොඩි ශ්‍රීලංනානෞ මිහිකත නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා මිහිකත නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් ගංගනාත් ජයකොඩි අද (දෙසැම්බර් 24) වැඩ භාර ගන්නා ලදී.

නෞකාවේ හිටපු අණදෙන නිලධාරී කොමාණ්ඩර් රංජිත් විමලරත්න විසින් කොළඹ ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනයේදී නිල වශයෙන් එතුමන් වෙත අණදෙන නිලධාරී ධූරයේ රාජකාරීන් භාර දීමට කටයුතු කෙරිණි. එම අවස්ථාව සඳහා ධජ නිලධාරී නාවික දියත් විධානය නියෝජනය කරමින් කපිතාන් නලින්ද්‍ර ජයසිංහ සහභාගි විය. නව අණදෙන නිලධාරීගේ අංශ පිරික්සීමෙන් අනතුරුව එම කර්තව්‍යයන් නිමාවට පත් කරන ලදී.