Exercise “Blue Whale -2019 ක්‍ෂේත්‍ර පුහුණු අභ්‍යාසය වයඹ නාවික විධානයේදී

නාවික හමුදා මැරීන් බලකාය විසින් සංවිධානය කල Exercise “Blue Whale -2019 ක්‍ෂේත්‍ර පුහුණු අභ්‍යාසය 2019 නොවැම්බර් මස 27 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් වයඹ නාවික විධානයේදී සාර්ථකව නිමාවට පත් විය.

ඒ අනුව, එහිදී පුරා මාස 07 ක් පැවති ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරීන් බලකායේ 05 වන මුලික සුදුසුකම් ලැබීමේ පාඨමාලාවේ අවසන් අදියර ලෙස පැවති ක්‍ෂේත්‍ර පුහුණු අභ්‍යසය 2019 නොවැම්බර් මස 21 වන දින සිට 27 වන දින දක්වා පුරා දින හතක් පැවති අතර, ඉන් අවසන් පුහුණු අභ්‍යාසය 2019 නොවැම්බර් 26 සහ 27 දෙදින තුල සිලාවතුර, කායක්කුලි වෙරළ තීරයේ පැවැත්වුණි. මෙම ඒකාබද්ධ අභ්‍යාසය සඳහා නාවික හමුදාවේ නෞකා යාත්‍රා, විශේෂයාත්‍රා බලඝණය , නාවික හමුදා ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණය සහ සෙඩ්රික් යාත්‍රා මෙන්ම ශ්‍රීලංකා ගුවන් හමුදාවද එක් විය.

මෙම අවස්ථාව සඳහා වයඹ නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් සුජිව පෙරේරා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නාවිකයින් පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගි වී සිටියහ.