හම්බන්තොට ජාත්‍යන්තර වරායේ අධිවේගී මාර්ග පිවිසුමේදී නීතිවිරෝධී ලෙස යකඩ ප්‍රවාහනය කළ පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා බාරයට.

නාවික හමුදාව විසින් 2019 නොවැම්බර් මස 27 වන දින හම්බන්තොට ජාත්‍යන්තර වරායේ අධිවේගී මාර්ග පිවිසුම් පරිශ්‍රය තුළ යකඩ ප්‍රවාහනය කරමින් සිටි සැක කටයුතු පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව, නාවික හමුදාව විසින් සිදුකරන ලද පා මුර සංචාරයක් අතරතුරදී හම්බන්තොට ජාත්‍යන්තර වරායේ අධිවේගී මාර්ග පිවිසුම් පරිශ්‍රය තුළ ගමන් කරමින් තිබූ සැක කටයුතු කුඩා ලොරි රථයක් සහ යතුරු පැදියක් පරීක්ෂා කිරීමේදී කුඩා ලොරි රථයේ ප්‍රවාහනය කරමින් තිබු නීති විරෝධී යකඩ කිලෝග්‍රෑම් 55 ක ප්‍රමාණයක් නාවික හමුදා බාරයට ගෙන ඇත. තවදුරටත් එහිදී සිදුකරන ලද වැඩිදුර පරික්ෂණ වලදි එම පුද්ගලයින් දෙදෙනා, යතුරු පැදිය සහ කුඩා ලොරි රථයද මෙලෙස නාවික හමුදා බාරයට ගෙන ඇත.

නාවික හමුදා බාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 20ක් සහ 27ක් වන හම්බන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර එම පුද්ගලයින් දෙදෙනා, යතුරු පැදිය, කුඩා ලොරි රථය සහ යකඩ තොගයද ඉදිරි නීතිමය කටයුතු සඳහා හම්බන්තොට පොලීසිය වෙත භාරදීමට කටයුතු කරන ලදි.