ඇමරිකානු නාවික හමුදාවට අයත් පැසිෆික් වර්ධන කණ්ඩායමේ හිටපු අධ්‍යක්ෂක සහ නව අධ්‍යක්ෂක නැගෙනහිර නාවික විධානය භාර ආඥාපතිතුමන් හමුවෙයි

ඇමරිකානු නාවික හමුදාවට අයත් පැසිෆික් වර්ධන කණ්ඩායමේ හිටපු අධ්‍යක්ෂක ප්‍රධාන බලලත් නිලධාරි ක්‍රිස්ටෝෆර් මෝර් සහ නව අධ්‍යක්ෂක ලුතිනන් කොමාන්ඩර් කේසි මැක්හෙන්රි 2019 නොවැම්බර් 25 වන දින නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ හමුවිය.

එහිදී රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ විසින් ඇමරිකානු නාවික හමුදාවට අයත් පැසිෆික් වර්ධන කණ්ඩායමේ හිටපු අධ්‍යක්ෂක සහ නව අධ්‍යක්ෂකවරුන් දෙදෙනා ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ඔවුන් සුහද පිළිසඳරක නිරත විය. එම අවස්ථාව සනිටුහන් කරමින් ආඥාපතිතුමා විසින් ඔවුන් වෙත සමරු තිළිණයන් ද ප්‍රදානය කරන ලදී.