පානදුර, ළදරු නිවාසයේ දරුවන්ගේ සුවදුක් විමසිමට නාවික හමුදා සාමාජිකයින් එක්වෙයි

ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අභිමානවත් 37 වන සංවත්සරය එළඹෙන දෙසැම්බර් 09 වන දිනට යෙදී ඇති අතර, එය නිමිති කර ගනිමින් ආයතනයේ අණදෙන නිලධාරී, කපිතාන් මහේෂ් ද සිල්වා ඇතුළු නැව් මුළුව විසින් ආගමික සහ සමාජ සුභ සාධන වැඩසටහන් රාශියක් සංවිධානය කර ඇත.

ඒ අනුව, ආයතනයේ අණදෙන නිලධාරිතුමාගේ මඟපෙන්විම යටතේ ආයතනයේ නැව් මුළුව විසින් අද (2019 නොවැම්බර් 23) විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් පානදුර ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති ළමා නිවාසයේ රැදි සිටින දූ දරුවන්ගේ සුවදුක් විමසීම සඳහා එක්විය. එහිදී ළමා නිවාසය පිරිසිදු කිරීමෙන් අනතුරුව දරුවන් සඳහා ඉතා පෝෂ්‍යදායී මෙන්ම ප්‍රනීත දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමීමට නාවික හමුදා සාමාජිකයින් කටයුතු කරන ලදි.

මෙම කර්තව්‍යය ඉතා උසස් අයුරින් සංවිධානය කර තිබීම සම්බන්ධයෙන් ළමා නිවාසයේ කාර්යය මණ්ඩලය විසින් සිය හෘදයාංගම ස්තූතිය සහ ප්‍රශංසාව අණදෙන නිලධාරි ඇතුළු කාර්ය මණ්ඩලයට සහ නාවික හමුදාවට පිරිනමන ලදි.