නාවික හමුදාව පැල සිටුවීමේ වැඩසටහනක් සඳහා සිය දායකත්වය සපයයි

එලායන්ස් ෆිනෑන්ස් (පුද්) සමාගම ‍විසින් සංවිධානය කරනු ලබන ‘සමගිය වෙනුවෙන් පැල මිලියනයක්’ ව්‍යාපෘතිය 2019 නොවැම්බර් 22 වන දින යාපනය නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැති අතර, ඒ සඳහා නාවික හමුදාව සිය දායකත්වය සපයන ලදී.

මෙහිදී යාපනය නගරයේ ආගමික සහ පොදු ස්ථාන ආවරණය වන පරිදි මෙම පැල සිටුවීමේ වැඩසටහන ක්‍රියාත්මක කල අතර, ඒ සඳහා ‍ගරුතර මහ සංඝරත්නය ඇතුළු හින්දු, ක්‍රිස්තියානි සහ ඉස්ලාම් ආගමික පුජකවරුන්, උතුරු නාවික විධානයට අනුයුක්ත නිලධාරින්, ගුවන් හමුදා සාමාජිකයින් සහ එලායන්ස් ෆිනෑන්ස් (පුද්) සමාගමට අනුයුක්ත නිලධාරින් පිරිසක් සහභාගිවී සිටියහ.