නාවික හමුදාධිපතිතුමන් ආරක්ෂක ලේකම් හමුවෙයි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා 2019 නොවැම්බර් 21 වන දින නව පත්විම ලද ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා එම අමාත්‍යංශ කාර්යාලයේ දී හමුවීය.

එහිදී, නාවික හමුදාධිපතිතුමා විසින් නව පත්විම ලද ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා හට සුභ පැතුම් පිරිනමන ලද අතර, රාජකාරිමය වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සුහද සාකච්ඡාවක් පවත්වන ලදී. එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.