නව ආරක්‍ෂක ලේකම් සිය ධූරයේ රාජකාරී අරඹයි

නව ආරක්‍ෂක ලේකම් වශයෙන් පත් වූ මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් කාර්යාලයේදී අද (‍2019 නොවැම්බර් 20) මහා සංඝරත්නයේ සෙත්පිරිත් සඡ්ඣායනා මධ්‍යයේ සිය ධූරයේ රාජකාරී අරඹන ලදී.

එම අවස්ථාව සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, යුද්ධ සහ ගුවන් හමුදාධිපතිවරුන්, වැඩබලන පොලිස්පති, සිවිල් ආරක්‍ෂක බලකායේ අධ්‍යක්‍ෂ ජෙනරාල් සහ ආරක්‍ෂක ආමාත්‍යාංශයේ නිලධාරීන් රැසක් ද සහභාගීවි සිටියහ.