චීන නාවික හමුදාවට අයත් ‘ෂු කේ ෂෙන්’ නෞකාව සාර්ථක සංචාරයකින් පසු කොළඹ වරායෙන් පිටත්වෙයි

නිල සංචාරයක් සඳහා 2019 නොවැම්බර් 14 වන දින මෙරටට පැමිණි චීන නාවික හමුදාවට අයත් ‘ෂු කේ ෂෙන්’ නෞකාව 2019 නොවැම්බර් 19 වන දින කොළඹ වරායෙන් පිටත් විය. එහිදී, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාවට සමුදෙන ලදී.

දින 06 ක නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ‘ෂු කේ ෂෙන්’ නෞකාවේ නැව් මුළුව දිවයිනේ රැදී සිටි කාල සීමාව තුළදී, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද සුහද ක්‍රීඩා තරඟ, සංස්කෘතික වැඩසටහන් මෙන්ම ශ්‍රී ලංකාවේ වැදගත් ස්ථානයන්හි සංචාරයට ද එක්විය.

මෙම සුහද සංචාරය මගින් ශ්‍රී ලංකා සහ චීන නාවික හමුදාවන් අතර,සුහදතාවය වර්ධනය කිරීම මෙන්ම දැනුම සහ අත්දැකිම් හුවමාරු කර ගැනිමටද ඉවහල් විය.