ජා ඇල, දඬුගම පාලම අසල අතහැර දමා තිබූ යතුරු පැදියක් ගොඩට ගැනීමට නාවික හමුදා සහාය

ජා ඇල, දඬුගම පාලම අසල දිය යට තිබූ යතුරු පැදියක් ගොඩට ගැනීමට අද (නොවැම්බර් 19) නාවික හමුදාව සිය දායකත්වය ලබා දෙන ලදී.

සොරා ගන්නා ලද යතුරු පැදියක් ජා ඇල, දඬුගම පාලම යට දමා ඇති බව අදාල සැකකරු විසින් ජා ඇල පොලිසිය වෙත ප්‍රකාශයක් ලබා දී ඇති අතර, දිය යට තිබූ එම යතුරු පැදිය ගොඩට ගැනීමට පොලිසිය විසින් නාවික හමුදා කිමිදුම් කණ්ඩායමකගේ සහාය ඉල්ලා සිටින ලදී. ඒ සඳහා බටහිර නාවික විධානය‍ට අනුයුක්ත කිමිදුම් කණ්ඩායමක් එම ස්ථානය වෙත පිටත් කර යැවීමට නාවික හමුදාව කටයුතු කරන ලදී.

ඒ අනුව, නාවික හමුදා කිමිදුම් කණ්ඩායම විසින් යතුරු පැදිය ගොඩට ගැනීමෙන් අනතුරුව අදාල යතුරු පැදිය ජා ඇල, පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.