කේරළ ගංජා කිලෝග්‍රෑම් 122 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් අද (2019 නොවැම්බර් 02) අළුයම මාදගල්, සවුක්කාඩි ප්‍රදේශයේදී කේරළ ගංජා කි‍ලෝග්‍රෑම් 122 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව, උතුරු නාවික විධානය විසින් අද අළුයම මාදගල්, සවුක්කාඩි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී මාර්ගයේ ගමන් කල සැක කටයුතු ලොරි රථයක් නිරික්‍ෂණය කර එය පරික්‍ෂාවට ලක් කර ඇති අතර, එහිදී එහි තුල තිබී මෙම කේරළ ගංජා තොගය සොයා ගැනීමට සමත්ව ඇත. ඒවා බීම බෝතල් ප්‍රවාහනය කරන මුවාවෙන් ඉතා සුක්‍ෂම ආකාරයට සඟවා ප්‍රවාහනය කරමින් තිබීයදි මෙලෙස නාවික හමුදා බාරයට ගෙන ඇත.

නාවික හමුදා බාරයට ගත් පුද්ගලයින් වසය අවුරුදු 19 ක් සහ 26 ක් වන කීරමලෙයි සහ විෂ්වමඩු ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, එම පුද්ගලයින්, ලොරි රථය සහ කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

එමෙන්ම, මෙම වසර තුළ පමණක් නාවික හමුදාව විසින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 3200 කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇති අතර, මෙරට මත්ද්‍රව්‍ය ක්‍රියාකාරකම් මැඩපැවැත්විම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානය යොමු කරමින් ඒ සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටි.