මත් ද්‍රව්‍ය මැඩලීමේ නාවික හමුදා තවත් මෙහෙයුමක්

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2019 නොවැම්බර් 01 වන දින මැදවච්චිය, රබෑව ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී මදන මෝදක සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, උතුරු මැද නාවික විධානය සහ සෙට්ටිකුලම, පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව මැදවච්චිය, රබෑව ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී පාර්සලයක තිබු මදන මෝදක පැකට් 40 ක් සමඟ පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකරු සම්බන්ධයෙන් සිදු කල වැඩිදුර විමර්ශනයේදී මොහු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවත්, මෙම මත්ද්‍රව්‍ය අලෙවිකිරිම පිණිස රැගෙන යමින් සිට ඇති බවත් කරුනු අනාවරණය කරගෙන ඇත.

අත්අඩංගුවට පත් පුද්ගලයා අවුරුදු 65 ක් වන අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇති අතර, එම පුද්ගලයා සහ මත්ද්‍රව්‍ය තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා මැදවච්චිය, පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

මතින් තොර රටක් ගොඩනැගීමේ අරමුණින් අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් පත් කර ඇති ඒකාබද්ධ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන සමඟ අත්වැල් බැද ගනිමින් වත්මන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් මත නාවික හමුදාව නීති විරෝධී මත් ද්‍රව්‍ය වැටලීමේ ජාතික මෙහෙවර ඉටු කරමින් සිටියි.