කඳාන ප්‍රදේශයේ ටයර් සේවා මධ්‍යස්ථානයක ඇති වූ හදිසි ගින්නක් නිවා දැමීමට නාවික හමුදා සහාය

ජා ඇල, කඳාන ප්‍රදේශයේ පිහිටි ටයර් සේවා මධ්‍යස්ථානයක හදිසියේ හටගත් ගින්නක් මැඩපැවැත්වීම සඳහා 2019 ඔක්තෝබර් 31 වන දින නාවික හමුදාව සිය දායකත්වය ලබා දෙන ලදී.

කඳාන පොලිසිය විසින් සිදුකළ දැනුම් දීමකට අනුව වහාම ක්‍රියාත්මක වු නාවික හමුදාව එම ස්ථානය වෙත කඩිනමින් ගිනි නිවීමේ කණ්ඩායමක් යැවීමට කටයුකු කරන ලද අතර, ඒ සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයෙන් නාවික පුද්ගලයින් 11 දෙනෙකු ඇතුළුව ගිනි නිවීමේ රථයක් මෙන්ම වතුර බවුසර් 02 ක් එම ගින්න නිවීමේ කටයුතු සඳහා අනුයුක්ත කෙ‍රිණි.

ඒ අනුව, ගම්පහ මහ නගර සභාවේ ගිනි නිවීමේ කණ්ඩායම සමඟ එක්ව නාවික හමුදාව එම සේවා මධ්‍යස්ථානය පුරා ව්‍යාප්ත වෙමින් තිබූ ගින්න සම්පූර්ණයෙන් නිවා දැමීම‍ට සහාය දක්වන ලදී.