කේරළ ගංජා සමඟ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝබර් 30 වන දින චුන්ඩිකුලම් ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 25.9 ක් සමඟ සැකකරුවෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව, උතුරු නාවික විධානය විසින් චුන්ඩිකුලම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කල මුර සංචාරයක් අතරතුර සැක කටයුතු යාත්‍රාවක් නිරික්‍ෂණය කර එහි සිටි සැකකරුගෙන් ප්‍රශ්ණ කිරීමේදී චුන්ඩිකුලම් ප්‍රදේශයේ කැලයක් තුල සගවා තිබූ කේරළ ගංජා තොගයක් සොයා ගැනීමට සමත්ව ඇත. එහිදී පාර්සල් 12 ක අසුරා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 25.9 ක් හමුවී ඇති අතර, ඒවා මුහුදු මඟින් මෙරටට රැගෙනවිත් ඇති බවට සැක පල කෙරේ.

තවද, වැඩිදුර විමර්ශනයේදී අදාල සැකකරු කේරළ ගංජා නීති විරෝධි අයුරින් මෙරටට රැගෙන එනු ලබන ජාවාරම්කරුවෙකු බව කරුනු අනාවරණය කර ගෙන ඇති අතර, එම පුද්ගලයා, යාත්‍රාව සහ අනෙකුත් අම්පන්න සහ කේරළ ගංජා තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා පලෙයි, පොලිසිය වෙත භාරදීමට කටයුතු කරන ලදි.